ඩුබායි රටේ සැඟව ඝාතන කොන්ත්‍රාත් දෙන 25ක්…!

August 26, 2023 at 2:47 pm | by emanisa.lk

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 25 දෙනෙකු පමණ මුදල් කොන්ත්‍රාත් ලබා දෙමින් මෙරට විවිධ අපරාධවල නියැළී සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතක දී දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ සිදුකළ වෙඩි තැබීම් සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සියල්ල ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයන් විසින් මෙහෙයවනු ලැබ ඇති බවත්, ඒ සඳහා යොදා ගන්නා තුවක්කුකරුවන් මුදලට ලබා ගන්නා තරුණයින් බවත් පෙනී ගොස් තිබේ.

එමෙන් ම, හමුදාවේ අවි පුහුණුව ලැබූ නවකයන් තෝරා ගැනීමට මෙම කොන්ත්‍රාත්තු ලබා දෙන්නවුන් ක්‍රියා කරන බවත් විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

කෙසේ වෙතත්, ඩුබායි රාජ්‍යයේ රැඳෙමින් මෙරට මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් මෙහෙයවන පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ද ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ඝාතන සඳහා යොදා ගන්නා තුවක්කුකරුවන්ගේ තොරතුරු ආරක්‍ෂක අංශ සතුව නොමැතිවීමත් ඔවුන් එකිනෙකා නොහඳුනන පුද්ගලයන් වීමත් නිසා මේ ඝාතකයින් හඳුනා ගැනීම අපහසුවී ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *