ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට…! පෙට්‍රල් මිල වෙනස් නොවේ…!

November 12, 2022 at 6:26 am | by emanisa.lk

ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *