ඩලස් කණ්ඩායම විපක්ෂයට ශක්තියක්…! – සජිත්…

August 31, 2022 at 8:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඇතුළු කණ්ඩායම විපක්ෂයට උණුසුම් ලෙස පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට එරෙහි සිය සටන මේ සමග ශක්තිමත් වන බවයි, විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මහාචාර්ය ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස විපක්ෂට එකතු වීම පිළිබඳ ට්විටර් සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *