ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ විශාල බෙදීමක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, ඩලස්ව තනිකර එම කණ්ඩායමේ 10 දෙනෙක් පමණ සමගි ජන බලවේගය ගොඩනඟන නව සන්ධානයට එකතු වීමට තීරණය කර තිබේ.
ඩලස් අලහප්පෙරුම දේශපාලන තීන්දු ගත නොහැකි දුර්වල චරිතයක් බව එම කණ්ඩායමේ බහුතරයේ මතය වී තිබේ. මේ අනුව චරිත හේරත් සහ ඩලස් අලහප්පෙරුම හැර සෙසු පිරිස සමගි ජන බලවේගය සමග සන්ධානයට එකතු වීමට තීරණය කර ඇත.
ඒ ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමයි. මේ අතර ඔවුන්ගෙන් පිරිසක් නිමල් ලන්සාගේ කණ්ඩායමට එකතු වීමේ සූදානමක් ඇතැයි ද දැනගන්නට තිබේ.