ඩයනා වෙනුවට මුජිබර් මැති සබයට…!

May 8, 2024 at 1:34 pm | by emanisa.lk

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ මන්ත්‍රී ධූරය සඳහා මුජිබර් රහුමාන්ගේ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව තහවුරු වී ඇතැයි පවසමින් ශ්‍රෙෂ්ඨාධීකරණය අද ඇගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *