ඩඩ්ලි ගැසූ ගලින් දෙබරේ ඇවිස්සෙයි…! රත්න නිපුණ සහල් බෙදා හැරීම නවතයි..! ජනතාවට වැඩි මිලටත් සහල් නැති වෙයි..?

June 21, 2022 at 5:15 pm | by emanisa.lk

ලංකාවේ ප්‍රමුඛතම සහල් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන රත්න සහ නිපුණ සහල් අලෙවිය නතර කර දමා ඇතැයි වාර්තා වෙයි. මෙම සහල් මෝල් සිරිපාල ගම්ලත්ට සහ එල්.ජේ. මිත්‍රපාලට අයත්ය.

මොවුන් සිය සහල් මෝල්වල විදුලි ජනක යන්ත්‍ර සහ ට්‍රාන්ස්ෆෝමර්ස් සැලසුම්සහගතව අක්‍රිය කර දමා ඇතැයි ද දැන ගන්නට තිබේ.

එසේ ම සහල් බෙදා හැරීම සඳහා දෛනිකව ඩීසල් ලීටර් 6600 බැගින් සපයන ඩීසල් නැති බව ප්‍රකාශ කරමින් සහල් ප්‍රවාහනය ද නවතා දමා ඇත.

තවත් සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන විසින් සියලු සහල් මෝල් හිමියන් රජයේ පාලන මිලට සහල් ලබා දිය යුතු බව ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *