ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපති රියාස් මිහුලර් (Reyaz Mihular) ටෙලිකොම් සමාගම සමග වංචනික සිදුකළ සමාගම් කිහිපයක අධ්යක්ෂ ධූර දරන අයකු බවට වාර්තා පළවෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ගනුදෙනු කරන Just In Time, N- able සහ KBSL යන සමාගම් තුනේ මව් සමාගම Agility Innovation වන අතර ටෙලිකොම් සභාපති රියාස් මිහුලර්, එම සමාගමේ අධ්යක්ෂවරයෙකි. Just In Time සමාගමට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නඩු ගණනාවක් ගොනු කර ඇති අතර ඉන් බහුතරය වංචා දූෂණ සම්බන්ධයෙනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන ජිට් වර්ණසූරිය මෙම සමාගම් ජාලයේ හිමිකරු වන අතර ඔහුට ටෙලිකොම් සමාගමේ ව්‍යාපාර අවස්ථා ලබා දෙන ලෙස හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දුට බලපෑම් කොට ඇතැයි ද චෝදනා ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමග නඩු කිහිපයක පැටලී ඇති සමාගම් ජාලයක අධ්‍යක්ෂවරයෙකු ලෙස රියාස් මිහුලර් ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ලබා ගැනීම ටෙලිකොම් සමාගමේ අනාගතයට විනාශකාරී වනු දැනටමත් අනතුරු ඇඟවීම් සිදුකොට ඇත.