ටෙලිකොම් පෞද්ගලිකකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක්…! – ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව….

June 9, 2023 at 3:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලිකකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව් වීමට ඇති හැකියාව හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව එහි දැක්වේ.

එම කාරක සභාව තව දුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට අසාදු ලේඛනගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිල දී ගැනීමට ඉඩ ලබානොදිය යුතු බව ය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ විෂය පථය යටතට ගෙන ආ ආයතන කිහිපයක් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ද ඒ යටතට ගෙන තිබුණේ මැයි මාසයේදී නිකුත් කළ ගැසට් නිවේදනයක් මගිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් 2023 ජුනි 15ට පෙර ඉවත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම්වරයා මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සීහි නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනයේ 49.50%ක කොටස් භාණ්ඩාගාරය සතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *