ටෙන්ඩර් දාලා ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණන එකට ජවිපෙ එකඟ ද..?

February 13, 2024 at 9:50 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් එට්කා කියන විට ඉක්කා ගහන තත්ත්වයට පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා පවසයි.

“දැන් බලන්න, අනුර දිසානායක මහත්තයාට ඉන්දියාවට එන්න කියලා අමුල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකුත් හදලා දෙනවා. ඒ අස්සේ එයාගේ ගෝලයෝ, ‘මිල්කෝ සමාගම අමුල්ට විකුණන්න එපා!’ කියලා මිල්කෝ සමාගම ඉදිරිපිට පෙත්සමක් අත්සන් කරනවා. මේ විකාරය දැකපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ‘අනුර ඩුමුක අමුල් අමුල්’ කියා පෝස්ට් එකක් දාලා තිබුණා. එහෙම හිතෙන එක සාධාරණයිනේ.

මේ වගේ ‘නරි නාටක’ කවදාද අපි දැක්කේ? අමුල් බලලා ඇවිත් ඔවුන් කියනවා, ‘මිල්කෝ එක ටෙන්ඩර් නොකර ඕගොල්ලන්ට දෙන එකට නම් අපි කැමති නැහැ, කියලා අපි අමුල් හිමිකරුවන්ට කීවා’ කියලා. දැන් ජවිපෙට තියෙන ප්‍රශ්නය ටෙන්ඩර් නොකිරීම ද? ටෙන්ඩර් කරලා හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණන එක හරිද? ඒක අමුතු ප්‍රතිපත්තියක්නේ.

දැන් මේ අත්සන් කරන්න යන එට්කා ගිවිසුම ගැන ‘අනුර ඩුමුක අමුල් අමුල්’ කට්ටිය වචනයක්වත් කතා කරනවාද ? ඇයි එට්කා කියනකොට එයාලා ‘ඉක්කා’ ගහන්නෙ? ඒ ගැන වචනයක් කතා නොකළාට ‘මූ හොරා! අරූ හොරා!’ කියලා හරියට බලා හිටියා වගේ කියන්න නම් දන්නවා. ජනතාව ‘ජීවත්වීම’ කියන ප්‍රශ්නය ඇතුළේ කොටු වුණු මේ වෙලාවේ වත්මන් පාලකයන් මෙවැනි ගිවිසුම් අත්සන් කරලා අනාගත පරපුරට උපන්බිමෙන් බිම් අඟලක් හෝ ලබා ගැනීමේ හිමිකම අහිමි කරමින් සිටින බව අපි තේරුම්ගත යුතුයි.”

පිළියන්දල, සුවාරපොළ “Ò9න් පසුව: ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් පෙරේදා (11) අමතමින් විමල් වීරවංශ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *