ටින් අංකය අනිවාර්ය කිරීම අගෝස්තුවට කල් යයි..!

February 26, 2024 at 9:03 am | by emanisa.lk

අප්‍රේල් මස පළමුවැනිදා සිට ටින් අංකය අනිවාර්ය කිරීමට ගත් තීන්දුව අගෝස්තුව මස දක්වා කල් දමා තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් එයට හේතු වී ඇත.

ඉන්දියානු රජයේ තාක්ෂණික සහාය ලබාගෙන කඩිනමින් ටින් අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් ටින් අංකය ඉල්ලුම්කරන ලද 109,000 කට තවමත් ටින් අංකය නිකුත් කිරීම ප්‍රමාදවී ඇතැයිද අනාවරණය වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *