ට්‍රැෆික් ලයිට් යාචකයන් අද සිට අත්අඩංගුවට!

November 16, 2020 at 10:11 am | by emanisa.lk

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල විදුලි සංඥා පුවරු අසල සිඟමනේ යෙදෙන කණ්ඩායම් අද සිට අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

මේ සඳහා සියලු පොලිස් බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් අත්අඩංගුවට ගන්නා සියලු යාචකයින් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම යාචකයන් මගින් කොරෝනා ආසාදනය වීමේ අවධානමක් ඇතැයි පසුගියදා මාධ්‍ය මගින් පෙන්වා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *