ටවුමට එන මිනිස්සු පණු බෙහෙත් ටිකටත් ඉස්පිරිතාලෙට දුවනවා… ජනාධිපතිතුමාගේ පින්තූර ජනතාව කිරෙන් නාවනවා…! – තුෂාරි ජයසිංහ….

September 10, 2026 at 7:29 pm | by emanisa.lk

නගරයට කිසියම් අවශ්‍යතාවකට පැමිණෙන ජනතාව රෝහලට ගොස් පණු බෙහෙත්ද ලබා ගැනීමට කටයුතු කරන බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ චෝදනා කරයි.

මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ අවශ්‍ය අනවශ්‍ය හැමදේටම ජනතාව බෙහෙත් ගැනීමට රෝහල පැමිණෙන බවට ජනාධිපතිතුමා සිදුකළ ප්‍රකාශය සත්‍යයක් බව තමන් අත්දැකීමෙන්ම දන්නා බවයි.

පරම්පරා ගණනාවක් වෙන වෙන දේශපාලන පක්ෂවල සිටි ජනතාව දැන් අනුර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූර කිරෙන් නහවන බවද එතුමා දැකගන්නට තේ කාණු මැද්දෙන් පාරට දිව එන බවද තුෂාරි ජයසිංහ ප්‍රකාශ කරයි.

ඈ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *