ලංකාවේ ටයි එක පැළඳ රාජකාරියට යන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ය. පහළ සේවක කණ්ඩායම් එය නොපළඳිති.
එමගින් කිසියම් රැකියා කොටසක් උසස් බවත් ඉතිරි රැකියා එසේ නොවන බවත් කියැවෙයි.
කෙසේ වුව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ බසයක ටයි එකක් පැළඳ රාජකාරී කරන රියදුරෙකුගේ ඡායාරූපයක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.
මේ ආකාරයට අභිමානයෙන් සිය රැකියාවෙහි නිරත වීම සමාජමාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක්ව තිබේ.