ටයිටැනික් ජැක් රෝස් ආදරෙන් අන්තිමට කෙළවුණේ පොහොට්ටුවට…! – වීරසුමන වීරසිංහ…

November 8, 2022 at 8:17 pm | by emanisa.lk

අපි කවුරුත් එකතුවෙලා ගොඩනඟපු ටයිටැනික් නැව වැරදි කප්පිත්තෙක් අතට යෑම නිසා ඒ කප්පිත්තා අධි විශ්වාසයෙන් ගොස් නැව අයිස් කන්දේ හැප්පූ බව වීරසුමන වීරසිංහ පවසයි.

ටයිටැනික් නැවෙි ජැක් සහ රෝස් අතර තිබූ ආදර සබඳතාව වගේ පොහොට්ටුව සහ එජාපය අතර තිබූ ආදර සබඳතාවයේ ඵලයක් ලෙස පොහොට්ටුව විනාශ විනාශ වී “රෝස්” විතරක් බේරී දැන් ප්‍රේමණීය චරිතය රෝස් ඊජිප්තුවට ගිහින් සිටින බවද වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ විනාසයත්, ආර්ථිකයේ විනාසයත්, ශ්‍රී ලාංකික මාතාවගේ විනාසයත් හරියට ටයිටැනික් නැවට සිදුවූ දේ වගේම බවද වීරසිංහ මහතා සඳහන් කළේය.

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්කගේ සිදුවීම පළමු සිදුවීම නොවන බවද මීට කලින් ඕස්ට්‍රේලියාවෙි ගිහින් කොටු පැනපු ඇමතිවරුත් සිටින අතර මෙය රට විනයකින් තොරව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් යැයි වීරසුමන වීරසිංහ මහතා සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *