පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ගලවා ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලයෙකුට නිලධාරියෙකුගේ දුරකතනය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කරමින් බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල චෝදනා කරයි.
2016 වසරේදී බන්ධනාගාර නිලධාරීන් සිය සිවුර ගැලවීමට උත්සාහ කළ විට මෙන්ම මෙවරද තමන් ඊට එරෙහි වූවද මෙවර නිලධාරීන් බලහත්කාරයෙන් සිය සිවුර ගලවා දැමූ බව ඥානසාර හිමි ගම්මන්පිලට පවසා ඇත.
සිවුර ගලවා දමා අවසානයේ ඥානසාර හිමියන්ගේ අඳනය ගලවා දැමීමට උත්සාහ කරන විට එහිමියන් දැඩි ලෙස කම්පනයට පත්ව අඳනය ගලවා විසි කර ඇති බවත් ඒ අවස්ථාවේ එය අසල විදුලි පංකාවක පැටලී ඇති බවත් හෙතෙම අනාවරණය කරයි.
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඇත්තේ ඥානසාර හිමිගේ මෙන්ම නිලධාරීන්ගේද අකමැත්ත මත එම ආණ්ඩුවේ ප්රබලයාගේ උවමනාව මත බවටද උදය ගම්මන්පිල චෝදනා කරයි.
අද (12) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.