භික්ෂුවකට සිවුර පෙරවීමේ හෝ ගැලවීමේ අයිතිය ඇත්තේ එම භික්ෂුවට හෝ එහිමියන් අයත් සංඝ සභාවට පමණක් බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ අවධාරණය කරති.
සිරදඬුවම් නියම කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර බන්ධනාගාරය තුළදි ගැලවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නාහිමියෝ මේ බව ප්‍රකාශ කරති.
ඥානසාර හිමියන් සිවුර ගැලවීමට පරාජිකා වන අපරාධයක් කර ඇතැයි සිය සංඝ සභාවට වාර්තා වී නොමැති බවද එම තීන්දුව ගත යුත්තේ සංඝ සභාව විසින් බවද රාහුල හිමි පෙන්වා දෙයි.
ශාසනික නීතියට අනුව භික්ෂුවට සිවුර දැරීමට සහ අත්පත තබා ගැනීමටද පිටතට රැගෙන එන අවස්ථාවල සිවුරින් රැගෙන ඒමද ශාසනිකව සහ අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සම්ප්රදායක් බවද ඊට පටහැනිව කටයුතු කිරීම වැරදි පූර්වාදර්ශයක් බවද උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කරති.