රටේ නීතිය මගින් තහනම් කොට ඇති සංවිධානයක සැමරුම්, ලාංඡන සහ සංකේත ප්‍රදර්ශනයට කිසිදු ඉඩක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එහෙත් යම් ස්ථානයක මිය ගිය ඥාතීන් සමරන්නේ නම් ඊට බාධා කිරීමේ අයිතියක් රජයට නැති බව ද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
ඒ අනුව මිය ගිය ඥාතීන් සැමරීම එකක් බවත් කොටි සංවිධානය හෝ තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම තවත් එකක් බවත් එය පටලවාගත යුතු නැති බවත් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් ඔහු මේ බව කීය.