ජොෂප් ස්ටාලින්ට ජයක්…කෙහෙළියගේ නම පාසලින් ගලවයි…!

October 17, 2024 at 3:45 pm | by emanisa.lk

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කොට තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ (16) ඒ් සඳහා අනු­මැ­තිය ලබා දී ඇත.

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපාර්තුමේන්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබිණි.

පසු­ගිය වක­වා­නුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ 2012 වසරේ සිට පැවති මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතු­ළුව විවිධ වෘත්තීය සමිති යෝජනා ඉදි­රි­පත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *