පසුගියදා කටුවන දී සුරාබදු නිලධාරීන් ජොන්ස්ටන් ප්රනාන්දුට අයත් හොර අරක්කු තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ජන බලවේගය පවසයි.
එහි විධායක සභික වසන්ත සමරසිංහ සඳහන් කළේ, බෝතල් 12 බැගින් වන පෙට්ටි 42ක් ද අර්ජුන් ඇලෝසියස්ගේ හොර අරක්කු පෙට්ටි 45ක තොගයක් ද අත්අඩංගවට ගෙන ඇති බවයි.
අරක්කු පෙරීම මුදල් අච්චු ගැසීම වැනි කාර්යක් බවත් මේ වන විට එම හොර අරක්කු තොගය නිදහස් කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් හෙතෙම වැඩි දුරටත් කීය.