පසුගියදා ශ්රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ප්රකාශ කරයි.
ශ්රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ද ඇය සඳහන් කරයි.
මෙම ගමනේ දී හමු වූ ශ්රී ලාංකිකයින් එකිනෙකාට උදව් කරන ආකාරය සහ තමන්ට උණුසුම්ව සිටීමට ලබා දුන් උපදෙස් ශ්රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව චන්ග් වැඩි දුරටත් ප්රකාශ කළාය.