ජුනි 17 මෛත්‍රීට තීරණාත්මකයි..! උසාවි නියෝග කැඩුවොත් අමාරුවේ…!

July 9, 2023 at 8:54 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් පස්දෙනකුට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධව පැවරූ නඩුවේ තීන්දුව අනුව ගෙවිය යුතු වන්දි මුදල් ලබන 12දාට ප්‍රථම ගෙවිය යුතු බව නීති අංශ ආරංචි මාර්ග කියයි.

මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී වගඋත්තරකරුවන් 5 දෙනාට නියම කරන ලද දඩ මුදල රුපියල් මිලියන 310 ක් හෙවත් රුපියල් කෝටි 31 කි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට රුපියල් මිලියන 75ක් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක් වශයෙන් මෙම දඩ මුදල් නියම කැරිණි.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙයින් හේමසිරි ප්‍රනාන්දු මේ වන විට දඩ මුදලින් රුපියල් ලක්ෂ 10ක මූලික ගෙවීමක් කර ඇති අතර පූජිත ජයසුන්දර රුපියල් ලක්ෂ 17ක මූලික ගෙවීමක් කර ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *