කෝටි 10 වන්දිය ගෙවන්න පිටකොටුවේ බෝ ගහ යට හිඟා කනවා..! – මෛත්‍රීපාල…

January 15, 2023 at 5:42 pm | by emanisa.lk

අධිකරණය විසින් තමන්ට පැන වූ රු. කෝටි 10ක දඩය ගෙවා දැමීමට තරම් වත්කමක් තමන්ට නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ නිසා පිටකොටුවේ බෝධිය ළඟ හිඟා කන්න දැයි සිය මිතුරන්ගෙන් විමසූ බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන්ට එතරම් වත්කමක් නොමැති බව දන්නා මිතුරුන් එකතු වී අදාළ දඩ මුදල එකතු ලබා දෙන්නට කටයුතු කරමින් ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන කීය.

අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ශිෂත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක දී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ‍තොරතුරු ලැබී තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිවරයාට රු. මිලියන 100ක දඩයක් පසුගියදා ශ්‍රේෂ්ඨාධීකරණය පැනවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *