ජුනි 09 නීතිය අයට වැඩ වරදී..! රට පීිරා අපරාධකරුවන් අත්අඩංගුවට..! හිටපු ඇමැති දෙපළකගේ නිවාස ගිනිතැබූ අයත් අල්ලයි…!

August 22, 2022 at 5:03 pm | by emanisa.lk

හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පසුගිය මැයි 9 වනදා ගිනි තැබීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයාගේ නිවසට සහ වාහන දෙකකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ 39 හැවිරිදි සැකකරුවෙකු පිළියන්දල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගිනි.

විමල් වීරවංශගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය ජුලි 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවී එහි දේපළවලට හානි සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොතුහැර දී හිමිනමක් වරාය වැඩබිමේ සේවකයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී දේපළවලට හානි සිදු කිරීමේ චෝදනා මත තවත් සැකකාරියක් ගොතටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *