ජීවන වියදම දරාගන්න බැහැ…! ජනතාව සමග හෙට පාරට බසිනවා..! – ලාල් කාන්ත

October 23, 2021 at 11:24 pm | by emanisa.lk

ජීවන වියදම දරාගත නොහැකිව ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බැවින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂේත්‍ර සියල්ල නියෝජනය කරමින් හෙට සිට මහ පාරට බසින බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

ජනතාව දැඩි ජීවන බරකින් පෙළෙමින් ජීවිතය ඉතා අසීරුවෙන් ගැට ගසා ගන්නා තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කිරීමේ වගකීම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය බාරගන්නා බව ද හෙතෙම කීය.

විශේෂයෙන්ම ලැබෙන ආරංචි අනුව පොහොර ඇතුළු ගැටලු වෙනුවෙන්, පොදු ගොවි සංවිධාන කාන්තා සංවිධාන විශේෂයෙන් ගෑස් මිල ඇතුළු මුළුතැන්ගෙයි ප්‍රශ්න පදනම්, කරගනිමින් ඒකාබද්ධ උද්ඝෝෂණයක් සිදුකිරීමට සූදානම් බවත් එවැනි ඒකාබද්ධ උද්ඝෝෂණ මාලාවක් සඳහා එක් වන්නට කැමැති සියල්ලන්ටම තමා ආරාධනා කරන බවත් ලාල්කාන්ත වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *