ජීවන්, සී.බී., එස්.බී. ඇතුළු මැති ඇමැති පිරිසක් නිරෝධායනයට!

December 24, 2020 at 3:06 pm | by emanisa.lk

වනජීවී ඇමැති සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, නිමල් පියතිස්ස, එම්. රමේෂ්වරන්, එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

කොරෝනා ආසාදනය වූ ආඟරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම්ගේ සහ ඔහුගේ ආශ්‍රිතයින්ගේ ආශ්‍රිතයින් සමග සබඳතා පැවැත්වීම නිසා මෙම පිරිස නිරෝධායනයට යොමු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස