ජිනීවාවල ලංකාවේ ප්‍රශ්න කතා කරන්නේ අපේ යහපතට…! – ජවිපෙ

February 22, 2021 at 11:20 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අහෝසි වීම් පිළිබඳ සාකච්ඡා වන ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එය විදෙස් තර්ජනයක් නොව අපේ රටේ ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා දී ඇති බව එහි නායක අනුර දිසානායක පවසයි.

ඒ යෝජනාවලට එරෙහිව රටේ ජනතාව එකට නැඟී සිටීමට නම් රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ලංකාවේ මානව හිමිකම් කොමිසමක් තිබුණ ද එහි සභාපති ධුරයට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගේ පියා පත්කිරීම නිසා එහි කාර්ය නිසි ලෙස ඉටු වන්නේ යැයි සහතිකයක් දිය නොහැකි බව අනුර දිසානායක වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *