ජිනීවා මානව හිමිකම් වාර්තාවේ පිටු 15ක් ම ලංකාවේ අභ්‍යන්තර කරුණු ගැනයි…! – කිරිඇල්ල…

March 26, 2021 at 12:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවෙි පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය ගැන යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එම වාර්තාවේ සම්පූර්ණ පිටු ගණන දාහතහමාරක් බව ද ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

“සභානායකතුමා යෝජනාව පිළිබඳ සඳහන් කළත් එතුමා යෝජනාව පාර්ලිමේන්තුවේ කියවූයේ නැහැ .එම යෝජනාව කියවන්නැයි මම ඉල්ලීමක් කරනවා.

එහි යුද්ධය ගැන සඳහන් වී ඇත්තේ පිටු දෙකහමාරක පමණයි. පිටු 15ක තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපති වූ පසුව විනාශ වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සුළු ජාතීන්ට හිරිහැර සිදු කිරීම යන කරුණු පිළිබඳවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *