හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම රෝහලට ගියේය.
ඊයේ (11) පෙරවරුවේ එහි ගිය හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇතැයි දැනගන්නට ඇත.
ජැක්සන් ඇන්තනි සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇත.
චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි බරපතළ තුවාල ලැබීය.
ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකට ද භාජන කෙරිණ.