ජාත්‍යන්තර වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ…!

October 18, 2023 at 11:52 am | by emanisa.lk

එළඹෙන 2024 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට රජය තීරණ කළ බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද හෙතෙම මෙහි දී සඳහන් කළේය.

චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නාහිමි වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ” ගෞරව නාමය පිරිනැමීම සඳහා කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සංඝ මූලස්ථානයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *