ජාජබෙ පොළොන්නරු රැළියට ආවේ පන්දාහයි..! ඒකත් බස් කෝච්චි දාලා පිටින් ඇද්දේ..! – හිටපු ජනාධිපති මෛත්‍රී…

February 3, 2023 at 5:00 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය පොළොන්නරුවේ පැවැත් වූ ජන හමුව සඳහා සහභාගී වූයේ එම දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔවුන් ඒ සඳහා පොළොන්නරුව අවට දිස්ත්‍රික්කවලින් බස් යොදවා සෙනඟ ගෙන ආ බව ද තවත් විශාල පිරිසක් දුර බැහැර සිට දුම්රියෙන් පැමිණි බව ද හෙතෙම පෙන්වා දෙයි.

පොළොන්නරුවේ ජාතික ජන බලවේග ජන හමුව සඳහා 5000ක් එකතු කරගත්තේ එසේ බවයි, මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කළේ. එම පිරිස විශාල කොට පෙන්වීම කැමරාකරුවන්ගේ දක්ෂතාව බව ද හෙතෙම සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ දක්ෂ විවේචකයින් බවත් ඒ නිසා තරුණ පිරිසක් ජාතික ජන බලවේගය වටා ඒකරාශීව සිටින බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගියදා කොළඹ පැවැති ජාතික ජන බලවේග ව්‍යාපාරික සමුළුව සම්පූර්ණයෙන් අසාර්ථක බවත් එහි පැමිණි ව්‍යාපාරිකයින් ජාජබ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ බෙහෙවින් අපැහැදී ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.

හිරු රූපවාහිනිය සමග වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *