ආණ්ඩුව නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රීවරුන්, දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දේපළ වෙත ප්රහාරයක් එල්ල කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සැලසුම් කරන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වෙත පොලිස්පති සී.ඩී. වික්රමරත්න විසින් යොමු කරන ලද වාර්තාවක මේ බව හෙළි කර තිබේ.
ආණ්ඩුවට සහය පළ කරන දේශපාලනඥයින් වෙත ප්රහාරයක් එල්ල කර ඔවුන් මගින් ආණ්ඩුවට බලපෑම් කර ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම මෙම ප්රහාරයේ අරමුණ බව ද එම බුද්ධි අංශ වාර්තාව අනාවරණය කරයි.
මේ අතර විදෙස් ඔත්තු සේවාවක් එළඹෙන 5-6 දිනවලට යෙදෙන කළු කොටි සැමරුමට සමගාමීව ප්රහාරයක් එල්ල කර එය කොටි සංවිධානය මත පැටවීමේ සැලසුමක් දියත් කර ඇති බව ද එහි වැඩි දුරටත් පෙන්වා දෙයි.
