ජවිපෙ මහා පාවාදීමක…! පෙරටුගාමීන් ගැන හමුදාවට ඔත්තු දෙයි..!

November 26, 2022 at 9:59 am | by emanisa.lk

දේශපාලන ව්‍යාපාර ලෙස තමන් අතර වෙනස්කම් ඇති බවත් සියලු පක්ෂ බලය වැඩිකර ගැනීමට උත්සාහ කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

එහි දී වාමාංශික කණ්ඩායම් අතර ගැටුම් ඇති වුව ද ආචාර ධාර්මික හේතු නිසා කිසිසේත් නොකරන දේවල් ද ඇතැයි ජයගොඩ පෙන්වා දෙයි.

එසේ නොකරන දේවල් අතර හමුදාව, පොලිසිය හෝ බුද්ධි අංශ වැනි රාජ්‍ය සම්බන්ධ ආයතනවලට සිය මතවාදී සතුරන් පිළිබඳ තොරතුරු ලබා නොදීම ප්‍රමුඛ වන බව ද ඔහු අවධාරණය කරයි.

එහෙත් ඒ සම්ප්‍රදාය බිඳිමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිය පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇතැයි හෙළිව ඇතැයි පුබුදු ජයගොඩ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *