ජවිපෙ නායකයා සජිත්ගේ පළමු පෙළ ආශ්‍රිතයෙක්….? වහා ම ස්වංය නිරෝධායනයට යොමු කෙරේ….!

May 24, 2021 at 3:14 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා පළ වෙයි.

ඒ ජවිපෙ නායකයා පසුගියදා කොවිඩ් ආසාධිතයෙකු බව හෙළි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි.

පසුගිය 21 දා අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායකවරයා අතර කොළඹ දී විශේෂ හමුවක් පැවැති අතර
මෙහි දී දෙදෙනා එක්ව රාත්‍රී ආහාරය ද ලබා ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොවිඩ් ආසාධිතයෙකු බව හෙළිවූයේ ඊයේ (23) වන දින ය. ඊයේ හවස කොළඹ පෞද්ගලික රෝහලක සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු මෙලෙස අනුර කුමාර දිසානායක සිය නිවසේ ස්වයං නිරෝධානය වෙමින් ඇති බව දැන ගන්නට තිබේ.

කෙසේ වුව ද මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

යාවත්කාලීන කිරීම

අද (24) දින සවස 5.00ට පමණ අනුර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙහි ඔහු අද රාත්‍රී 10.30ට සිරස මුහුණට මුහුණ දේශපාලන සංවාදයට එකතු වන බවට සටහනක් පළකර තිබේ. මේ අනුව අදාළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහු කොවිඩ් ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇතැයි අනුමාන කළ හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *