හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (23) ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු පාලනයේ හිටියත් හමුදාවට දේශපාලනය ගේන එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා. මම දන්නවා. සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා. මම දැක්කා.
විශ්‍රාමික හමුදා නිලධාරියකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනවා නම් විශේෂ අවසරයක් ඕන. මම ගියත් ගුවන් හමුදාපති දැනුම්වත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කඳවුරේ නිලධාරීන් දැනුම්වත් කරලා යන්නේ. ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ.
ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ හමුදා නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කීප දෙනකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුණේ ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ වෙනස් කරල තියනවා.
දේශපාලනය හමුදා කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා. හැම දේශපාලන දේශපාලන ව්‍යාපාරයකින්ම මම ඒක ඉල්ලනවා.”