ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (12) හමු වූ අවස්ථාවේය.
ඒ, ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවටත් බෝම්බර ගැහුවා යැයි රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
“මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ කවුරුවත් විශ්වාස කරන්න බැහැ. අපි දන්නවා ඇත්ත. තුවක්කු නම් උදුර ගත්තා. උපන් දිනය සමරන්න කේක් කවලා මාලිගාවේ මුරට ඉන්න පොලිස් නිලධාරීන්ගේ තුවක්කු උදුර ගත්තා. මේ අය ඒල්.ටි.ටි ඊ වගේ බෝම්බ ගැහුවේ නැහැ. මේවා හිටපු දියවඩන නිලමේ නෙරංජන් කියන බොරු.සමහරු කියන්න දෙයක් නැති වුණාම බොරුවක් හරි කියනවා.
දැන් බලන්න දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව ගැන කියන දේවල්. රජවරු ඉන්නකොට පූජා කළ කරඬුව ඉවත් කරලා වෙන එකක් දැම්මා කියලා විවේචනය කරනවා. එයා ඉන්නකොට මොකක්ද කළේ. ඔ්කේ ගෑවා ලැකර්. මගේ ළඟ පිංතූර තියෙනවා හොඳ කරඩුවක් රත්තරං වලින් හදලා පූජා කරලා තියෙන්නේ. පරණ කරඬුව තියෙනවා. ඒක විකුණ ගත්තා වගේ කතා කරනවා.
මාලිගාවේ හොඳ තැනක තියන්න සාකච්ඡා කරනවා. කොෟතුගාරයේ තියනවාද පහළ වෙනත් තැනක තියනවාද කියලා තීන්දු කරනවා. කිසි වරදක් වෙලා නැහැ. බොරුවට කෑගහනවා. කියන්න කරන්න දෙයක් නැති වුණාම බොරු හදලා කියනවා. එදා තිබුණු පිත්තල පාත්‍ර වෙනුවට දැන් තියෙන්නේ දැන් රත්තරන් පාන්තර. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපි ඒක අගය කළ යුතුයි.”