ජවිපෙ කෝටිපති නායකයෙක් කෝටි 17ක ඉඩමක් මිලට ගනී!

October 30, 2020 at 4:20 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු විසින් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ කෝටි 17කට අධික වටිනාකමක් සහිත ඉඩමක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි.

නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නඟන ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ධනවත්ම පක්ෂය බව පසුගිය සමයේ හෙළිදරව් වූ අතර එහි ප්‍රබලයකු වන මෙම ඉඩම මිලයට ගත් පුද්ගලයාට පසුගිය සමයේ ද කෝටි ගණන් දේපළ මිල දී ගත් බවට චෝදනා නැඟිණි.

සෙසු දේශපාලකන් නිතර දූෂිතයින් හොරුන් ලෙස හංවඩු ගහන ජවිපෙ නායකයන් මේ ආකාරයට දේපොළ රැස්කර ගන්නා අතර තමන් අනුන්ගෙන් යැපෙමින් අල්පේච්ඡ ජීවිත ගතකරන බව පැවසීම ජවිපෙ පාක්ෂිකයන් ප්‍රශ්න නො කිරීම විශේෂත්වයක් බව ද මෙම පුවත වාර්තා කරන සමාජමාධ්‍ය හෙළිකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *