ජවිපෙ කයිය විතරයි…! ටිල්වින්ට ලෝක බැංකුවට යන්න බෑ..! අනුරට IMF එක්ක කතා කරන්නවත් බෑ..! – මරික්කාර්…

October 3, 2023 at 9:01 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ කයියනායකයින් කටින් බතල කොළ සිටුවීම හැර රටට කළ කිසි වැඩක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධූරය දැරූ අනුර දිසානායක එක වැවක්, ග්‍රාමීය ආර්ථික ඇමැති ධූරයේ කටයුතු කළ ලාල්කාන්ත සමූපකාරයක්, ධීවර ඇමැති චන්ද්‍රසේන විජේසිංහ එක මාළු කර්මාන්ත ශාලාවක් හදා ඇත්දැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ වන විට ජාත්‍යන්තර සබඳතා නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බව පවසන මරික්කාර්, ටිල්වින් සිල්වාට ලෝක බැංකුව සමග ලාල්කාන්තට ආසියානු සංවර්ධන බැංකුව සමග විජිත හේරත්ට පැරිස් ක්ලබ් එක සමග අනුර දිසානායකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් සාකච්ඡා කළ හැකි දැයි මරික්කාර් විමසයි.

මදුරුවන්ට තෙල් ගහන්න කැඩුණු ලයිට් එකක් දැමීම වැනි කටයුතු කරන ප්‍රාදේශීය සභාවක් පවා ජවිපෙට කළ නොහැකි බවත් තිස්සමහාරාම ජනතාව නැවත ඔවුන්ට ඡන්දය නොදුන්නේ ඒ නිසා බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

මරික්කාර් මේ බව පැවසුවේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *