ජනතා විමුක්ති පෙරමුණේ අතීතය අමතක කළ යුතු නම් එම පක්ෂය එය අමතක කළ යුතු බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
වාර්ෂික ඉල් මහ සමරුව තබමින් එය නැවත නැවත ජවිපෙ මතක් කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
ඔවුන්ට සිය අතීතය සමරන්න අතර අනෙකාට එම අයිතිය අහිමි කරන්නේ කවර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දැයි සන්නස්ගල ප්‍රශ්න කරයි.
තමන්ට නාකි මයිනා යැයි බනින ජවිපෙ සාමාජිකයින් කොණ්ඩෙ රැවුල ඩයි කළ ටිල්වින් සිල්වාට තවම වයස අවුරුදු 18 යැයි සිතන බව ද සඳහන් කරයි.
ආගම අබිං යැයි පන්ති පහේ දී උගන්වද්දි එය පිළිගත යුතු බවත් විජිත හේරත් පළඳන්න ගිය කොත ඉහේ කඩා වැටුණු විට එය ජන විඥානයට ඇතුල් වීමේ මග යැයි කී විට එය පිළිගත යුතු බවත් සන්නස්ගල සඳහන් කරයි.
ජවිපෙ ශබ්ද දූෂණයට විරුද්ධ යැයි පවසන විට එය පිළිගත යුතු බවටත් හාමුදුරුවන්ට ලවුඩ්ස්පීකර් බෙදද්දි එය ද පිළිගත යුතු බවටත් ඔහු චෝදනා කරයි. අනෙකාගේ මතය නොඉවසන අන්තරේ නිර්මාණය කළේ ජවිපෙ බවත් ජවිපෙත් සමග මේ හැදිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.