ජවිපෙ ආණ්ඩුවක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවසර දෙනවා..! – අනුර…

January 26, 2023 at 3:24 pm | by emanisa.lk

සාක්කුවේ ඇති මුදල් ප්‍රමාණය මත අධ්‍යාපනය ලැබීම තීරණය වීම සාධාරණ නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එහෙයින් සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද කිසියම් දරුවෙකුට පෞද්ගලික හෝ විදෙස් අධ්‍යාපනය ලබා ගැනීමට උවමනා නම් සිය රජයක් යටතේ ඊට පහසුකම් ලබා දෙන බව ද අනුර දිසානායක කීය.

කෙසේ වුව ද එම පෞද්ගලික අධ්‍යාපනය රජය මගින් නියාමනය කරන බව ද හෙතෙම පැවසීය.

විද්වත් හමුවක දී ජවිපෙ ආණ්ඩුවක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *