ජවිපෙට 3%යි කී පොහොට්ටුවට 8%යි…! රට ම ඉල්ලන අනුරට 46%යි…! – විජිත හේරත්…

November 6, 2023 at 11:20 am | by emanisa.lk

ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඔහු සඳහන් කළේ, එම සමීක්ෂණයට අනුව වත්මන් රාජ්‍ය පාලනයට සියයට 17ක ජනතා කැමැත්තක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සියයට 29ක ජනතා කැමැත්තක් ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා කැමැත්ත සියයට 8ක් දක්වා පහළ ගොස් ඇති බවය.

මහර ප්‍ර දේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *