ජල බිල 1%කින් හරි පහළ දාන්න උත්සාහ කරනවා…! – සංජීව එදිරිමාන්න…

August 3, 2023 at 3:58 pm | by emanisa.lk

ඉහළ යන ජල බිල සම්බන්ධයෙන් යම් සහනදායි ආස්ථානයකට යාමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

ජල සම්පාදන මණ්ඩලය යම් මූල්‍ය අර්බුදයක සිටින බව දන්නා නමුත් ජනතාව ද මේ අවස්ථාවේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

අඩු ආදායම්ලාභීන්ට මෙම මිල සංශෝධනය බලපෑමක් නොකිරීම සැනසීමට හේතුවක් වුව ද සිදුකළ මිල සංශෝධනය 1%කින් හෝ පහළ දැමීමට තම පක්ෂය උත්සාහ කරමින් සිටින බව ද සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *