ජනාධිපති සුළු පක්ෂ සතේකට ගණන් ගන්නේ නෑ…! සුළු පක්ෂවලට එවුන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් තිබ්බා නම් ආණ්ඩුවේ ඉන්නේ නෑ…! – වෙල්ගම…

October 20, 2021 at 4:04 pm | by emanisa.lk

ආණ්ඩුව නියෝජනය කරන සුලු පක්ෂ ආණ්ඩුවේ හිටියත් නැතත් ආණ්ඩුවට ගෙන යාමට ගැටලුවක් නොමැති බව ජනාධිපතිවරයා දන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එහෙයින් ජනාධිපතිවරයාට LNG ගිවිසුම පිළිබඳ මොවුන් සමග කතා කිරීමට පවා අකමැති බවත් පල නොකියා පලා බෙදන බවත් වෙල්ගම පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයට සහ සුළු පක්ෂවලටත් ලැජ්ජාවක් නොමැති බවත් ලැජ්ජාවක් ඇත්නම් විපක්ෂයේ වාඩි වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ පිරිස කිසිදු ලැජ්ජාවක් නැතිව ගහන්න ගහන්න ආණ්ඩුව අස්සේ නැට්ට ගහගෙන සිටිනා බවටත් කුමාර වෙල්ගම චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *