ජනාධිපති ලේකම්කම අතහරින පී.බීට බැසිල්ගෙන් සුපිරි තනතුරක්…!

December 28, 2021 at 7:33 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

පී.බී. ජයසුන්දර මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති අතර දෙසැම්බර් 31 වනදා සිට ඔහු ජනාධිපති ලේකම් තනතුරින් ඉවත් වීමට නියමිතය.

ජනාධිපති ලේකම්වරයා ලෙස පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පසුගිය සමයේ බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක් විය. කෙසේ වුව ද බැසිල් පාර්ශ්වය ඔහු වෙනුවෙන් පෙනී සිටින ආකාරයක් දැකගත හැකි අතර ජනාධිපතිවරයා ද සියලු පව් පී.බී. ජයසුන්දර මතින් යැවීම සුදුසු නොවන බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *