ජනාධිපති ලේකම් රටට කළ සේවය හොඳට ම ඇති…! දැන් ගෙදර යන්න කාලේ හරි…! – දිලිත්….

September 29, 2021 at 6:22 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රටට සිදුකර ඇති සේවය හොඳට ම ප්‍රමාණවත් බව දිලිත් ජයවීර පවසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ භාණ්ඩාගාර ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී. ජයසුන්දර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරිණි.

කෙසේ වුව ද ඔහුගේ කටයුතු පසුගිය සමයේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වවල ම දෝෂ දර්ශනයට ලක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු ලෙස ප්‍රකට දිලිත් ජයවීර ද මෙලෙස පී.බී. ජයසුන්දරට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *