ජනාධිපති කියන්නේ බොර…! ඔහු ඩොලර් බිලියන 05ක් ණය ගත්තා…! රටේ ආහාර සුරක්ෂිතතාවත් උකස් කළා..! – පාඨලී…

January 9, 2022 at 12:19 pm | by emanisa.lk

තම පාලන කාලයේ සතයක්වත් ණය නොගත් බවට ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යයක් බවත්, මෙම කාල සීමාවේ ඩොරල් බිලියන 5කට ආසන්න ණය ප්‍රමාණයක් ගෙන ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල ආසන්නයෙන් ඩොලර් මිලියන 5000කට ආසන්න ණය විදේශ රටවලින්, ඒ වගේම ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තියෙනවා.

ඒ වගේ ම එතුමා මේ පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ඒ කියන්නෙ ගත්ත ණය ආපසු ගෙවන්න විශේෂයෙන්ම 2021 වර්ෂයේ ගෙවපු විදේශ ණයවලින් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ ගත්ත ණය. ඒ ණය ගෙවීම සඳහා අති විශාල වන්දියක් මේ රටේ ජනතාව ගෙවනවා.

වෙන අය නම් කියන්නෙ ණය ගත්තහම රට උගස් කරනවා කියලා. එතුමා මේ රටේ ආහාර සුරක්ෂිතතාව උගස් කළා. අද ජනතාවට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.

පොහොර, තෙල් ආදිය රටට ගෙන්වන්නෙ නැතුව ඒවා ඉතිරි කරගත්ත සල්ලිවලින් ණය ගෙවපු නිසා අද රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟ හේතුවත් ඖෂධ ගෙන්වන්නෙ නැතුව රටේ ණය ගෙවන්න ගිය නිසා ඒ වගේ ම දැන් ඇතිවෙලා තියෙනවා තෙල් හිඟය, ගෑස් හිඟය, විදුලි බල කප්පාදුව. ඒවටත් හේතුව ණය ගෙවන්න සල්ලි පාවිච්චි කරලා තෙල් ගේන්න, ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න සල්ලි නැති හින්දා.

ඉතිං ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාව, ඖෂධ සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව කියන තුන ම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙව්වෙ. ඊට අමතරව ඩොලර් මිලියන් 5000ක්. විශේෂයෙන්ම අර අවසාන කාලයේදි අපේ මහ බැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 1.5 ත් එක්ක ඩොලර් මිලියන 5000ක පමණ ණය 2020-21 වසරවල අරන් තියෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස