ජනාධිපති කරන්නේ පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි කෙනෙක් විතරයි..! – නාමල් රාජපක්ෂ…

June 22, 2024 at 6:31 pm | by emanisa.lk

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ සිය පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමඟ කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සිය පක්ෂය සමඟ එක්ව ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයා සමඟ සිටින පොහොට්ටුවේ පිරිසට පක්ෂය අතහැර යා හැකි බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *