ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම හෝ විමල් වීරවංශ හෝ ඉදිරිපත් කරවීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
කෙසේ නමුත් මේ වන තෙක් අවසන් නිගමනයකට පැමිණ නැති අතර තව දුරටත් එම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
මේ අතර මෙම නම් දෙකම පිළිබඳව විපක්ෂයේ ඇතැම් කොටස් විරෝධය පළ කර තිබෙන අතර ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ දේශපාලකයෙකු නොවන වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවයි.