ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා නොදුන් පිරිස මෙන්න…!

October 15, 2024 at 9:19 am | by emanisa.lk

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව 2024 ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 13 වනදා මධ්‍යම රාත්‍රී 12.00 වන විට සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුව තිබිණි.

එම ආදයම් වියදම් වාර්තා ලබාදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් තිදෙනා සිය ආදායම් වියදම් වාර්තා භාර දී නැති බවයි.

කෙසේ වුව ද බත්තරමුල්ලේ සීලරතන හිමි මේ වන විට මහා මැතිවරණය සඳහාත් ඉදිරිපත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *