ජනාධිපතිවරණ කටේ ෆොන්සේකා ඉන්දියාවට… පැමිණි විගස නාම යෝජනා භාරදෙයි…!

August 8, 2024 at 5:42 pm | by emanisa.lk

සමගි ජන බලවේල සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දින තුනක ඉන්දීය සංචාරයකින් අනතුරුව පෙරළා ලංකාවට පැමිණ තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීන්දු කිරීමත් සමග මෙලෙස ඉන්දියානු සංචාරයක නිරත වීම විශේෂත්වයකි.

මෙම සංචාරයේ දී ඉන්දියානු විදේශ කටයුතු ඇමැති, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් සහ තානාපති අංශ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කළ බව සරත් ෆොන්සේකා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

එළඹෙන 12 වෙනිදා ජනාධිපතිවරණය සඳහා තමන් නාම යෝජනා ලබා දෙන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *