69 ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් දැයි ඔහුගේ විමසා බැලිය යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී මුලින් ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි සිතා තමන ඊට සූදානම් වන බවයි.
එහෙත් පළමුව ජනාධිපතිවරණයක් කැඳවුවහොත් එය තමන්ට අභියෝගයක් බව වාසුදේව නානායක්කාර සඳහන් කරයි.
ඒ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳ කල්පනා කළ යුතු යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.